Facebook icon Twitter icon Forward icon

හමුදාව යාපනය විශ්වවිද්‍යාල සිසුන්ට පහර දෙයි

යාපනය සරසවියේ සිසුන් මහවිරු සමරුව සමරද්දී හමුදා සහ පොලිසිය විශ්ව විද්‍යාලයට පැමිණ එම සැරසිලි සියල්ල විනාශ කර දැමූ අතර එහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් විශ්වවිද්‍යාල භූමිය තුළ ඇති විය.

 

යළිත් වරක් යාපනය සරසවියේ සිසුන්ට පොලීසිය පහර දෙයි; බුද්ධි අංශ ශිෂ්‍ය නායකයන් පසුපස

පසුගිය 27 වැනිදා දිනයේදී විශ්ව විද්‍යාල භූමියට සහ නේවාසිකාගාරයන්ට බලහත්කාරයෙන් ඇතුළු වී සිසුන්ට පහර දීමට විරුද්ධව ඊයේ දිනයේදීද යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කරතිබූ සාමකාමී විරෝධතාවයට ශ්‍රී ලංකා පොලීසිය සහ හමුදා බුද්ධි අංශ විසින් ඉතා මිලේච්ඡ අන්දමින් පහර දෙනු ලැබීය. 

යාපනය සරසවියේ ශිෂ්‍ය නායකයන් දඩයම කිරීම අරඹයි ; මහ ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා කොළඹ TID එකට

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පී.දර්ශනන් ඊයේ රාත්‍රී එකට පමණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ මව පවසා සිටින්නේ ඊයේ රාත්‍රී 1.00 ට පමණ සිවිල් ඇදුමින් සැරසුනු පුද්ගලයන් 4 දෙනෙකු පැමිණ නිවසේ දොරට ගසමින් ගෙදර අය අවදි කර කට උත්තරයක් ගැනීමට කෝපායි  පොලීසයට රැගෙන යාමට අවශ්‍යබව කියා දර්ශණන් රැගෙන ගිය බවයි.

යාපනය සරසවි සිසුන් ත්‍රස්ථ විමර්ශණ ඒකකයේ රඳවාගෙන ප්‍රශ්ණ කරති; තවත් සිසුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

පසුගිය 29 වැනිදා රාත්‍රියේදී කෝපායි පොලීසිය යැයි කියමින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා ඇතුළු සිසුන් සිව්දෙනා කොළඹ ත්‍රස්ථ විමර්ශණ ඒකක මූලස්ථානයේ රඳවා තබාගෙන සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අද (02) දහවල් පවසා සිටියේය.

යාපනය සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට මාස 3ක රැඳවුම් නියෝග

ත්‍රස්ත විමර්ෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සිටින යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්  නිදහස් කරන ලෙස දෙමළ දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජයෙන් දැඩි ඉල්ලීමක් මතුවෙද්දී පවා එම සිව්දෙනාගෙන් එක් අයෙකු නිදහස් කර අනෙක් තිදෙනාට  මාස 3 ක රැඳවුම් නියෝග  නිකුත් කිරීමට බලධාරීන් ක්‍රියාකලහ.

යාපනය සරසවිය සිසුන්ට පහරදීම සහ අත්අඩංගුවට ගැනීමට එරෙහිව යාපනයේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්

යාපනය සරසවියේ සිසුන්ට පහර දීම, අත්අඩංගුවට ගැනීම සහ එම සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහර දීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් අද (04) යාපනය බස් නැවතුම් පළ ඉදිරිපිටදී පැවැත්වුණි.

අපට අපගේ අයිතීන් අවශ්‍යයි – යාපනය සරසවියේ ශිෂ්‍ය නායකයෙක්

ඊයේ (28) දිනයේදී හමුදාව සහ පොලීසිය එක්ව යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් වෙත දෙවන වරටත් පහර දෙන ලදී. මෙම පහර දීම සම්බන්ධව අප යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකුයෙකු සමග කතා කලෙමු.